Sunday, November 25, 2012

Posted by Sugith Kumanayake |
ගොළු වුවද, බිහිරි වුවද ඉතා සැහැල්ලුවෙන් තම ජීවිතිය ගත කරන දුප්පත් කඩවසම් තරුණයෙක්.....




ජීවිතිය පුරාවටම විඳිය හැකි සුන්දර ආදරයක් බලාපොරොත්තුවෙන් පසුවන රූමත් මෙන්ම පොහොසත් තරුණියක්..... 



දෙමාපිය ආදරය හරිහැටි නොලැබුණු, කුඩා කල සිටම නේවාසිකාගාරයක හැදුනු වැඩුණු මානසික ආබාධයකින් පෙළෙන තරුණියක්..... 


මොවුන් තිදෙනාගෙන් සැබෑ ආදරවන්තයින් වන්නේ කවුරුන්ද...?


සිනහව සහ කඳුල මුසුවුණු සුන්දර වූ තුන්කොන් ආදර කතාවක්....










Wednesday, November 21, 2012

Posted by Sugith Kumanayake |
යුද්දයක් කියන්නේ අමිහිරි මතකයක්, කුරිරු අතීතයක්....ඒක කවදා කොහේ කාට වුනත් එකයි...අපිත් ඒ වගේ කුරිරු අතීතයක ජීවත් වෙච්ච මිනිස්සු....මතකද යකඩ ගුලි වලින් මිනිස් ජීවිත පසාරු වෙච්ච ඒ යුගය....? සමහරුන් නම් ඒ අතීතය ලේසියෙන්ම අමතක වෙලා ගිහින් වගේ හැසිරෙනවා ඒත් ඒ දේ ඇත්තටම අත්දැකපු මිනිස්සුන්ට නම් කවදාවත් ඒ අමිහිරි මතකය මොහොතකටවත් අමතක කරන්න පුළුවන් කමක් නෑ..... මේ කියන්න යන්නෙත් ඒ වගේ කුරිරු යුද්දයක අමිහිරි මතක සටහනක් පාදක කරගෙන නිර්මාණය වෙච්ච චීන චිත්‍රපටියක් ගැන....

මේ යුද්දේ ඇති වෙලා තියෙන්නේ ජපානය සහ චීනය අතර, මම දන්න විදියට ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ..... මේ ආක්‍රමණය ඉතාම කුරිරැ විදියට සිද්ද වෙච්ච එකක්, චිත්‍රපටයේ පෙන්වන විදියට එක චීන වැසියෙක්වත් ඉතුරු නොකොට ඝාතනය කිරීමක් තමයි ආක්‍රමණිකයින්ගේ අරමුණ වෙලා තියෙන්නේ.... ඒ නිසාම ගැහැණු පිරිමි , කුඩා ළමුන් කියල භේදයක් නැති සාහසික ඝාතනය කිරීමක් සිද්ද වෙනවා.....ඒ වගේම ගැහැණු උදවිය මරා දාල තියෙන්නේ වධ දීල දුෂණය කරාට පස්සේ..... ඉතින් මේ වගේ මිලේච්ඡ යුද්දයක් අස්සේ පල්ලියක සිටින ශිෂ්‍යාවන් පිරිසක් මේ කුරිරැ ජපන් හමුදා භටයින්ගෙන් බේරාගැනීමට දරන වෑයමක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.....හැබැයි මේ ගලවාගැනීමේ මෙහෙයුම සිද්ද කරන්නේ චීන හමුදාවෙන් නම් නෙවෙයි(මුලින් චීන හමුදා සොල්දාදුවන් කීප දෙනෙක්ගේ සහයත් ලැබෙනවා), මේකට මුලික වෙන්නේ ඇමරිකානු ජාතිකයෙක් සහ ඒ ප්‍රදේශයේ ඉන්න ගණිකාවන් පිරිසක්.....මෙතනදී සංවේදීම පරිත්‍යාගය වෙන්නේ මේ ගණිකාවන්ගෙන් සහ කුඩා පිරිමි ළමයෙක්ගෙන්.....






යුද්දයේ සැහැසි බව, කුරිරු බව වගේම ආදරය සහ පරිත්‍යාගය ගැනත් පෙන්නල දෙන ඉතාම සංවේදී චිත්‍රපටයක්....



Thursday, November 15, 2012

Posted by Sugith Kumanayake |
අමුතු විදියේ නමක්....නේද? 

ෆිල්ම් එකත් ඒ වගේමයි....හැබැයි මේ නම නිසා ෆිල්ම් එකේ මුලින් දැනෙන කුතුහලය අඩුවෙලාද කියලත් මට හිතුන, මොකද මේ නමත් එක්ක මුල් සීන්ස් ටික බලද්දී ඊළඟට වෙන්නේ මොකක්ද කියල අපිට නිකන්ම හිතට එන නිසා....ඒ නිසා ටයිට්ල් එකෙන් ෆිල්ම් එකේ ප්‍රධාන සිදුවීම ඉස්මතු නොවුනා නම් හොඳයි කියලත් හිතෙනවා...





"විද්‍යා බාලන්" කියන්නේ ඕනිම චරිතයක් රඟපාන්න පුළුවන් දක්ෂ නිලියක්....පහු ගිය කාලේ නිර්මාණය වෙච්ච "Kahaani", "Dirty Picture", "Paa", "Bhool Bhulayya"  වගේ ෆිල්ම්ස් බැලුව නම් ඒ දේ ඔයාලත් අනුමත කරයි....ඉතින් ඒ විදියටම මේ ෆිල්ම් එකේ "සබ්‍රිනා" චරිතයටත් සාධාරණයක් කරන්න "විද්‍යා" සමත් වෙලා තියෙනවා....



ෆිල්ම් එකේ ස්ටෝරි එක ගෙතිල තියෙන්නේ රූමත් තරුණියකගේ මිනීමැරුමක් වටා, මේ තරුණියගේ නම තමයි "ජෙසිකා" එතකොට මෙයාගේ අක්කාගේ චරිතෙට තමයි "විද්‍යා බාලන්" පණ පොවන්නේ....සෙල්ලක්කාර ඇමති පුත්‍රයෙකුගේ ක්ෂණික ආවේගයක් නිසා තමයි මේ තරුණියට ජීවිතෙන් සමුගන්න වෙන්නේ....ඔය ඇමති පුත්‍රයෝන්ගේ මේ වගේ වැඩ යට ගහන ඒකනේ කොතැනත් වෙන්නේ....අපේ රටෙත් නැතුවය ඕවට හොඳ උදාහරණ....ඉතින් මේ කේස් එකත් මුලින් කොහොම හරි යට ගැහෙනවා ඒ වගේම....හැබැයි ටීවී චැනල් එකක ඉන්න අමුතුම විදියේ ගති පැවතුම් තියෙන නිර්භීත රිපෝටර් කෙනෙක් නිසා ආයිත් මේ කේස් එක ඕපන් කරන්න වෙන සිදුවීමක් තමයි ෆිල්ම් එකේ අන්තිම කොටසේදී වෙන්නේ....මේ රිපෝටර් වරියට පන පොවන්නේ තවත් අති දක්ෂ නිලියක්.....ඔව් ඔව් රාණි මුකර්ජි ඇන්ටි තමයි....



කොහොම හරි මේ ෆිල්ම් එකේ ලොකු දෙයක් කියවෙනවා  කියල මට හිතෙනවා....රටක රජයකට වඩා බලවත් වෙන්න පුළුවන් මහා ජනයාගේ එකතු වීමකට, ඒ වගේ දෙයක් සමබ්න්ධීකරණය කරන්න පුළුවන් මාධ්‍යක් තමයි ජනමාධ්‍ය කියන්නේ.....ඉතින් අපේ රටෙත් මේ වගේ දේශපාලන බලපෑම් නිසා යට ගැහිච්ච සිදුවීම් ඇතිනේ ඕනි තරම්....අයුක්තියක් අසාධාරණයක් සිද්ද වෙච්ච ඒ වගේ සිදුවීම් වලටත් සාධාරණයක් ඉෂ්ට කරගන්න බැරි වෙන එකක් නෑ මේ වගේ එකමුතුවක්‌ උනොත්.....





Sunday, November 4, 2012

Posted by Sugith Kumanayake |

"මේ රට මගේ අම්මා...."

මතකද මේ කොටස...? මේ ෆිල්ම් එක ආපු කාලේ ටීවී චැනල් වල ඇඩ් එක දාද්දි මේ කොටස නිතරම යනවා මට හොඳට මතකයි....ඒත් ඒ කාලේ ෆිල්ම් එක බලන්න අවස්ථාවක් ලැබුනේ නෑ.....යු ටියුබ් එකට මේ ෆිල්ම් එක දාපු අයට පින්සිද්ද වෙන්න ඔන්‍න‍ අද තමයි ෆිල්ම් එක බැලුවේ.....



අපි යුද්දේ ජයග්‍රහණය කරලා දැන් අවුරුදු කීපයක් ගත වෙලා....හැබැයි දැන් අපේ මිනිස්සු හැසිරෙන්නේ යුද්දයක් කියල දෙයක් මේ රටේ තිබ්බේ නෑ, ඒ වගේ අත්දැකීමක් අපි ලැබුවේ නෑ වගේ....ඒ නිසානේ ආයිත් යුද්දයක් ඕනි කිය කියා දඟලන්නේ.....අපේ රටෙත් ඉන්නවා සාමය සමගිය  දිරවන්නේ නැති මිනිස්සු කොට්ටාසයක්....අන්න ඒ වගේ රටේ ජාතීන් ව අවුස්සන එවුන් අනිවාර්යෙන් බලන්න ඕනි ෆිල්ම් එකක් මේක....මොකද මේ ෆිල්ම් එකේ හොඳට පෙන්නලා දෙනවා සිංහල දෙමල මිනිස්සු අතර යුද්දයක් ඇති වුනේ කොහොමද, ඒක ඇති කරේ කවුද සහ ඒ වැඩ වලින් දුක් විදින්නේ කවුද කියල.....

ෆිල්ම් එකේ තියෙන්නේ එල් ටී ටී ඊ සංවිදානයේ කොටි කතක් ඔවුන්ගේ නායකයා පිළබඳ ඔත්තුවක් ලබාදීම සඳහා ඇයව රහස් මාර්ගයෙන් කොළඹට ගෙන ඒමට රජයේ උසස්  හමුදා නිලදාරියෙක්  කටයුතු කරන ආකාරය දැක්වෙන කතා පුවතක්....හැබැයි අවසානයේ සිද්ද වෙන්නේ වෙනස් දෙයක්...ඒක ෆිල්ම් එක බලලම හොයාගන්න....මේ වගේ යුධ දර්ශන රූගත කිරීම් වලදී ෆිල්ම් එකේ තාක්ෂණික පැත්තෙන් නම් යම් දුර්වලතා පෙන්න තියෙනවා ඒ නිසා තාත්වික බව ටිකක් අඩු වෙලා තියෙනවා...ඒ උනාට ස්ටෝරි එක සහ මේ ප්‍රධාන චරිත දෙකේ රඟපෑමේ දක්ෂතාවය නිසා ඒ අඩු පාඩු එච්චරම ඉස්මතු වෙන්නේ නෑ....

මේ තියෙන්නේ මම බලපු යු ටියුබ් ලින්ක්ස් ටික....කොලිටි එක නම් අවුල් මොකද මේක ටීවී එකෙන් කැප්චර් කරපු එකක්, ඒ උනාට මේ වගේ ෆිල්ම් හොයාගන්න අමාරු නිසා මෙහෙම හරි බලන්න තියෙන එක වටිනවා නෙව....

Part-1


Part-2


Part-3


Part-4


Part-5


Part-6


Part-7


Part-8


Part-9


පස්වෙනි කොටස බලද්දී මේකේ කියනවා අපෙ යුද ජයග්‍රහණයට බලපාපු ප්‍රධානම සාධකය, මෙන්න මේ විදියට.....

"අපි යුද්දේ කරලා පෙන්නවා උපාය මාර්ගික තීරණත් දේශපාලන මැදිහත්වීම් වලින් තොරව හමුදාවටම ගන්න ඉඩ දීපු දවසට" 
හැබැයි යුද ජයග්‍රහණයෙන් පස්සේ මේ තීරණ ගත්ත මිනිස්සුන්වම වරද කාරයෝ කරවපු එක තමයි අවුල....(මේ දේ කිව්වේ පක්‍ෂග්‍රාහීව නම් නෙවෙයි, මොකද මම ඔය එක පක්ෂේකටවත් නෑ දැන්....අනිත් එක මේ රටේ ඉන්න මොන මිනිහ උනත් පිළිගන්නව ඒ කරේ හරි දෙයක් නෙවෙයි කියල)