Saturday, August 11, 2012

Posted by Sugith Kumanayake |
අද මම කියන්නේ යන්නේ කාටූන් එකක් ගැන....හැබැයි මේ කාටූන් එක පොඩිහිටියන්ටත් වඩා වැඩිහිටියන් විසින් අනිවාර්යෙන්ම නැරඹිය යුතු එකක් කිව්වොත් නිවැරදියි.....ඇයි මම එහෙම කියන්නේ කියල කියන්නම්, ඊට‍ ඉස්සෙල්ල අපි මේකේ කවර් එකක් බලල ඉමු....




"Despicable Me" මතක ඇති නේ....අර හඳ හොරකම් කරපු කාටූන් එක...අන්න ඒ කට්ටියගෙම වැඩක් තමයි මේකත්.... මේ කාටූන් එකෙන් ලොකු පුංචි හැමෝටම ලොකු ආදර්ශයක් දෙනවා....ඒකයි මම මුලින් කිව්වේ වැඩිහිටියොත් මේ ෆිල්ම් එක බලන්න ඕනි කියල....


මිනිස්සු වේගෙන් දියුණු වේගන යනවා, ලොකු ලොකු කර්මාන්තශාලා,තට්ටු ගනන් යන බිල්ඩින්ග්,මාලිගාවල් වගේ ගෙවල් හැදෙනවා...මේවා හැදෙන්නේ කොහෙද? වෙන කොහෙද ඉතින් මේ පොලොවෙම තමයි....ඉතින් මේවා හැදෙද්දී කැලෑ එළිපෙහෙළි වෙනවා, ගස්වැල් කපන්න වෙනවා....ඉස්සර ගෙවල් වල කොස් ගස්,අඹ ගස් වගේ කොච්චර නම් ගස් තිබ්බද....දැන් කාලේ නගරවල් වල හැදෙන ගෙවල් වල ආසාවකට ගහක් දැකගන්න තියෙනවද? තිබ්බත් තියෙන්නේ මල් පැලයක් වල් පැලයක් විතරයි ඒවත් සමහර ඒවා ලස්සනට තියන් හිටියට ශරීරයට පවා අහිතකර පැලෑටි....මේකෙන් කියවෙන්නේ මොකක්ද? අපේ ලෝකයත් ටිකෙන් ටික කොන්ක්‍රීට් වනාන්තර වෙනවා කියන එක නේද, මෙහෙම ගියොත් අපිටත් වෙන්නේ මේ කාටූන් එකේ ඉන්න කට්ටියට වෙලා තිබ්බ දේම තමයි....


මේ රටේ මිනිස්සු ගස් කියල කියන්නේ ප්ලාස්ටික් වලින් හදපු කෘතීම ගස් වලට....ඒ කියන්නේ ඇත්ත ගස් එකක්වත් මේ රටේ නෑ....ඒ නිසාම එයාලට අවශ්‍ය පිරිසිඳු වාතය සල්ලි වලට තමයි ගන්න වෙලා තියෙන්නේ....ඉතින් මේ මිනිස්සුන්ට මේ "පිරිසිඳු වාතය" විකුණන එක්කෙනා තමයි මේ රටේ ලොක්ක, හරියට නිකන් අපේ ලෝකේ තෙල් නිධි තියෙන රටවල් ලොක්කෝ වගේ....මේ මිනිස්සුන්ට මෙහෙම වෙලා තියෙන්නේ නව නිර්මාණ කරන්න ගියපු එක පුද්ගලයෙක් ගේ මෝඩ වැඩක් නිසා....ඒ මෝඩ වැඩේ මොකක්ද සහ ඒ වැරැද්ද හදාගන්නේ කොහොමද කියල තමයි ෆිල්ම් එකේ ඉතුරු ටිකෙන් පෙන්නන්නේ....


හරිම ලස්සන කාටූන් එකක්....මේ චරිත වල කාටූන් ගතිය ටිකක් වැඩි වගේ පෙනුනට රසවිදින්න පුළුවන් විදියට ලස්සනට ගාලගෙන යනවා ෆිල්ම් එක....


අනාගතේදී අපිටත් මෙහෙම කෘතීම ගස් හදල පෙන්නන වෙයිද දන්නේ නෑ ගස් කියල දෙයක් ලෝකේ තිබ්බ කියල.....ඒක නිසා මේ කාටූන් එකෙන් අපිට සහ අපේ අනාගත පරපුරට ලොකු අනතුරු ඇඟවීමක් කරනවා කියල කියන්නත් පුළුවන් අනාගතේ ගැන....ඒ නිසා රසවින්දනයත් එක්කම මේ ෆිල්ම් එකෙන් දෙන ඒ පණිවිඩය ගැනත් පොඩ්ඩක් හිතල බලන්න....






2 comments:

  1. "Despicable Me" නම් බැලුව.නියම Film එක.

    ReplyDelete
  2. මේකත් ඒ වගේම ලස්සනයි....

    ReplyDelete