Saturday, July 7, 2012

Posted by Sugith Kumanayake |

මෙයාව මතකද...?



හරි හැඩයි නේ...? 



"The Girl Next Door" බැලුව නම් කොහොමවත් මෙයාව අමතක වෙන්න විදියක් නෑ...මෙයා තමයි "Elisha Cuthbert"....මම මේ කියන්න යන ෆිල්ම් එකේ ප්‍රධාන නිලි චරිතයට පන පොවන්නේත් මෙයා තමයි.....

මේ ෆිල්ම් එක ඇවිල්ලා තියෙන්නේ 2008දී....මෙච්චර කල් මගේ හාඩ් ඩ්‍රයිව් එකේ පල් වෙවී තිබිලා ඊයේ රෑ තමයි මේක බැලුවේ....වෙනස් විදියකට ගලාගෙන යන හාස්‍ය රසය මුසුවුනු ලව් ස්ටොරියක්.....



ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන පොඩි ඉඟියක් දෙනවනම්......, 

ගමේ ඉඳල තම දෙමව්පියන්ගේ බලාපොරොත්තු පොදි බැඳගෙන නගරයේ විශ්ව විද්‍යාලයකට එන කොල්ලෙක්ට මුණගැහෙනවා ඒ නගරයේ ඉන්න බිබී පිස්සු නටන කෙල්ලෙක්ව....මේ චරිතය ෆිල්ම් එකේ අන්තිම කොටස් වලට යනකන්ම තේරුම් ගන්න අමාරු චරිතයක්.....ඉතින් මේ කෙල්ලගේ ඔක්කොම පිස්සු අර කොල්ල ඉවසනවා....ඇනයක් උනත්, වදයක් උනත් මේ කෙල්ලගේ මේ හැසිරීමට ඒ කොල්ලගේ හිතේ ආදරයක් ඇති වෙනවා....ඒත් මේ කෙල්ල පිස්සු නටන්නේ හේතුවක් ඇතුව....ඒ හේතුව මොකක්ද කියල බලන්න නම් ෆිල්ම් එක බලන එකම තමයි හොඳ....මුලින් මම හිතපු දේත් නෙවෙයි ෆිල්ම් එක අන්තිමේදී උනේ....ඒකයි මම කිව්වේ ටිකක් වෙනස් විදියේ කතාවක් කියල....






මේ ෆිල්ම් එකේ පින්තුර හොයන කොට තමයි දැක්කේ මේ ස්ටෝරි එකම තියෙන කොරියන් ෆිල්ම් එකකුත් තියෙනවා කියල....මුලින් ආවේ මොකක්ද කියල නම් දන්නේ නෑ....ඒකත් ලස්සන ඇති...



මේ තියෙන්නේ මම හොයාගත්ත ටොරෙන්ට් ලින්කුව (700MB)


0 comments:

Post a Comment