Friday, July 27, 2012

Posted by Sugith Kumanayake |
මේ ෆිල්ම් එකත් ගොඩක් කල් මගේ ෆිල්ම් පාටිෂන් එකේ පල්වෙවී තිබිච්ච ෆිල්ම් එකක්...අද තමයි නිකමට වගේ දාල බැලුවේ ....ෆිල්ම් එක ඇවිත් තියෙන්නේ 2008 වර්ෂයේදී....


දාල තියෙන නම හරියටම ගැලපෙනවා ෆිල්ම් එකට.....සුද්දෝ කියන්නේ කොහොමත් විනෝදෙට බර සංචාරයට කැමති පිරිසක් නෙව...ඉතින් මේ තරුණ පිරිසත් මායන් වරුන්ගේ පැරණි ගොඩනැගිල්ලක් හොයාගෙන තමයි ඔවුන්ගේ සංචාරය ආරම්භ කරන්නේ....තරුණයෝ කියන්නේ ඉතින් කොහොමත් අලුත් දේවල් හොයන්න කැමති ඇඩ්වෙන්චර් කරන්න කැමති කට්ටියක් නේ....ඉතින් මේ ගමන අතරතුරේදී තමයි මොවුන්ට නොහිතුවිරු ඇබැද්දියකට මුහුණ දෙන්න සිද්දවෙන්නේ....


මිනී කන වැල්?

වෙන්න බැරි කමකුත් නෑ....මොකද මාංශ භක්ෂක ශාක වර්ග තියෙනවා කියල අපි අහල තියෙනවනේ....හැබැයි මේ වැල් ජාතිය ඊටත් වඩා ගොඩක් දියුණුයි....ශබ්ද එහෙමත් පරාවර්තනය කිරීමේ හැකියාවක් මේ වැල් වලට තියෙනවා....කොහොමහරි මේ අයත් සංචාරය කරලා තියෙන්නේ ඒ වගේ ශාක විශේෂයක් පැතිරිලා ගියපු තැනකට....එතනින් එහාට ස්ටෝරි එක මම කියන්නේ නෑ...ඒ ටික ඔයාලම බලන්න....මේකේ ටිකක් ගැලපෙන් නැති සිද්දිය තමයි මේ වැල් ඇඟ ඇතුලෙත් දුවන්න ගන්න එක....ඒක හරියට අර පිරන්හා මාළුවා ඇඟ ඇතුලේ පීනනවා වගේ සිද්දියක් තමයි....


ලේ එහෙම දකින්න අකමැති අය නම් මේ ෆිල්ම් එක බලන්න එපා....මේකේ කපන කොටන සිද්දි කීපයක්ම තියෙනවා.....විශේෂෙන්ම වැලක ප්‍රහාරයට ලක්වෙච්ච කොල්ලෙක්ගේ කකුල් කපන සිද්දිය....


තරුණ පිරිස් ගන්න සමහර මෝඩ තීරණවල පලවිපාක සහ මේ වගේ ගමන් වලට ගෑණු උදවිය එකතු කරගත්තම එක වැඩේ දෙක වෙන හැටි එහෙම හොඳටම කියල දෙනවා මේ ෆිල්ම් එකෙන්....


AXXOගේ ටොරෙන්ට් ලින්කුවක් හොයාගත්ත.....හැබැයි කොලිටි එක නම් කොහොමද දන්නේ නැත...

Tuesday, July 24, 2012

Posted by Sugith Kumanayake |

මලීනා කියන්නේ කව්ද කියල කට්ටිය දන්නවනේ....?





මම දැන් කියන්න යන ෆිල්ම් එකේ ස්ටෝරි එකත් ටිකක් විතර "මලීනා" ෆිල්ම් එකට සමානයි...මේ ෆිල්ම් එක 1973 දී නිර්මාණය කරපු එකක්, හැබැයි පරණ උනා කියල කිසිම අඩුපාඩුවක් නෑ තියෙන්නේ ඕනි ඒවා ලෙසටම තියෙනවා.... මේ ෆිල්ම් එක ඒ කාලේ ගොඩක් හිට් වෙලා තියෙනවා ඒක නිසාම මේකේ ඉන්න ප්‍රධාන නිලි චරිතයට පන පොවන "Laura Antonelli" ව යොදාගෙන මේ වගේ 18+ ෆිල්ම් කීපයක්ම කරලා තියෙනවා....හරි ඔය කිව්වේ ෆිල්ම් එකේ ඉතිහාසය ගැන දැන් අපි බලමු ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන.....



ඔය ඉන්න කොල්ල හෙන ඇම්ඩා....මූට හෙන ආසාවක් ඇති වෙනවා ගෙදර වැඩට එන මේ කෙල්ල ගැන....වැඩේ කියන්නේ ඒ ගෙදර ඉන්න පොරගේ අයියාත් ඒ වගේම ඩයල් එකක්....ඒ විතරක් නම් මදැයි මුගේ තාත්තත් මේ කෙල්ලට ලයින්....මරු ෆැමිලි එක නේ...කොහොමහරි මේ වැඩට එන කෙල්ලත් මේ කොල්ලගේ තාත්තට කැමති වෙනවා...හැබැයි දෙන්න විවාහ වෙන්න නම් කොල්ලෝ තුන්දෙනාමගේම(තව පොඩි කොල්ලෙකුත් ඉන්නවා මේ පවුලේ) කැමැත්ත ඕනි....මේකෙන් ප්‍රයෝජන ගන්න අර කොල්ල උගේ කැමැත්ත දෙන්න නම් පොර කියන වැඩ කරන්න ඕනි කියල නීතියක් දානවා මේ කෙල්ලට ඊට පස්සේ ඉතින් මු කියන කියන හැම දෙයක්ම අර කෙල්ලත් කරනවා...පිස්සුම ෆිල්ම් එකක්

මෙන්න ෆිල්ම් එක බලන්න ටොරෙන්ට් ලින්කුවක්‌......



                   Download DVD Rip 696.8MB

English Subtitle

Saturday, July 7, 2012

Posted by Sugith Kumanayake |

මෙයාව මතකද...?



හරි හැඩයි නේ...? 



"The Girl Next Door" බැලුව නම් කොහොමවත් මෙයාව අමතක වෙන්න විදියක් නෑ...මෙයා තමයි "Elisha Cuthbert"....මම මේ කියන්න යන ෆිල්ම් එකේ ප්‍රධාන නිලි චරිතයට පන පොවන්නේත් මෙයා තමයි.....

මේ ෆිල්ම් එක ඇවිල්ලා තියෙන්නේ 2008දී....මෙච්චර කල් මගේ හාඩ් ඩ්‍රයිව් එකේ පල් වෙවී තිබිලා ඊයේ රෑ තමයි මේක බැලුවේ....වෙනස් විදියකට ගලාගෙන යන හාස්‍ය රසය මුසුවුනු ලව් ස්ටොරියක්.....



ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන පොඩි ඉඟියක් දෙනවනම්......, 

ගමේ ඉඳල තම දෙමව්පියන්ගේ බලාපොරොත්තු පොදි බැඳගෙන නගරයේ විශ්ව විද්‍යාලයකට එන කොල්ලෙක්ට මුණගැහෙනවා ඒ නගරයේ ඉන්න බිබී පිස්සු නටන කෙල්ලෙක්ව....මේ චරිතය ෆිල්ම් එකේ අන්තිම කොටස් වලට යනකන්ම තේරුම් ගන්න අමාරු චරිතයක්.....ඉතින් මේ කෙල්ලගේ ඔක්කොම පිස්සු අර කොල්ල ඉවසනවා....ඇනයක් උනත්, වදයක් උනත් මේ කෙල්ලගේ මේ හැසිරීමට ඒ කොල්ලගේ හිතේ ආදරයක් ඇති වෙනවා....ඒත් මේ කෙල්ල පිස්සු නටන්නේ හේතුවක් ඇතුව....ඒ හේතුව මොකක්ද කියල බලන්න නම් ෆිල්ම් එක බලන එකම තමයි හොඳ....මුලින් මම හිතපු දේත් නෙවෙයි ෆිල්ම් එක අන්තිමේදී උනේ....ඒකයි මම කිව්වේ ටිකක් වෙනස් විදියේ කතාවක් කියල....






මේ ෆිල්ම් එකේ පින්තුර හොයන කොට තමයි දැක්කේ මේ ස්ටෝරි එකම තියෙන කොරියන් ෆිල්ම් එකකුත් තියෙනවා කියල....මුලින් ආවේ මොකක්ද කියල නම් දන්නේ නෑ....ඒකත් ලස්සන ඇති...



මේ තියෙන්නේ මම හොයාගත්ත ටොරෙන්ට් ලින්කුව (700MB)