Thursday, June 21, 2012

Posted by Sugith Kumanayake |
බලපු ගොඩක් අය කියල තිබ්බ "ෆිල්ම් එක මෙලෝ රහක් නෑ කියල" ඒ නිසාම මේක බලන්න යන්න කලින් හිතේ පොඩි චකිතයකුත් ඇති වෙලා තිබ්බේ ෆිල්ම් එක එපා වෙයිද කියල.... හැබැයි ෆිල්ම් එක බලාගෙන යද්දී හිතුනා කියපු තරම් යකා කළු නෑ කියල.... මම මේ කියන්න යන්නේ සහෝල කියල තිබ්බ ඒවා බොරු කියල නෙවෙයි ඒ ගොඩක් දේවල් ඇත්ත... හැබැයි ඒ අඩු පාඩු නිසාම මේ වගේ ලොකු වියදමක් දරල නිර්මානය කරපු ඒ වගේම අපේ සිනමා ඉතිහාසයේ අලුත් පරිච්චේදයක් ලියන්න පටන් ගත්තු ෆිල්ම් එකකට "මෙලෝ රහක් නෑ" කියන ලේබල් එක අලවපු එක නම් සාදාරණ නෑ කියලයි මට හිතෙන්නේ....



ඇයි මම එහෙම කියන්නේ...? 

හිතල බලන්න අපේ රටේ මෙච්චර කල් නිර්මාණය වෙච්ච ෆිල්ම්ස් ගැන......ඒ ෆිල්ම් වල කොලිටි එකයි මේකේ කොලිටි එකයි අතර ලොකු වෙනසක් තියෙනවා....කොලිටි එක කියන ඒකෙන මම අදහස් කරේ "Video and Picture Quality & Colours"ගැන...ඒ වගේම සටන් ජවනිකා ගත්තොත් මෙතෙක් අපේ රටේ චිත්‍රපටියක දැකපු සුපිරිම(තාක්ෂණික) සටන් ජවනිකා තියෙන්නේ මේ චිත්‍රපටියේ කියල කියන්න පුළුවන්(හැබැයි තාත්වික බව අතින් ගත්තම නම් "ගාමණී" චිත්‍රපටියේ තරම් තාත්වික නෑ).....ඒ වගේම හාස්‍ය රසය ගැනත් කතා නොකරම බෑ...හිනා යන්න පුළුවන් විදියේ විහිලු කරන නළු නිලියෝ යොදාගෙන තියෙන නිසා චිත්‍රපටිය පුරාම ඒ හාස්‍ය රසය තියාගන්න පුළුවන් වෙලා තියෙනවා...හැබැයි දෙපිට කාට්ටු වචන වැඩි ගතියක් තියෙනවා....තාරුණ්‍ය ඉලක්ක කරගත් නිර්මාණයක් නිසා ඒ ගැන එච්චර හිතන්න ඕනි නෑ....මොකද ඕව දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ නොදන්නා දේවල් යැ... ඒ වගේම චිත්‍රපටය රූගත කරපු ස්ථාන, යොදාගෙන ඇති ඇඳුම් පැලඳුම්, ගීත එහෙම චිත්‍රපටයේ ඉලක්කගත තාරුණ්‍යට ගැලපෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවා....මේ දේවල් තමයි මේ ෆිල්ම් එකේ මම දකින වෙනස්කම්....



මේ වෙනස මීට කලින් අපේ සිනමාවට ඇවිත් තිබ්බ නම් අද මේ චිත්‍රපටය නිර්මාණය කරපු පුද්ගලයා නිර්මාණය කරන චිත්‍රපටය මීටත් වඩා ඉදිරියට ගියපු නිර්මාණයක් වෙන්න තිබ්බ...මොකද මේ පුද්ගලයට ඕනි උනේ අපේ ෆිල්ම් සහ පිටරටවල ෆිල්ම් අතර තියෙන ගැප් එක අඩු කරන්න...ඉතින් මේ නිර්මාණ කරුවා දරපු උත්සාහය අපේ රටේ අලුත් නිර්මාණ කරුවන්ට ලොකු පන්නරයක්.....මොකද එතකොට ඒ අයටත් හිතෙනවා අපිත් මේ වගේ තාක්ෂණයක් යොදාගෙන මීට වැඩිය හොඳ දෙයක් කරන්න ඕනි කියල....අන්න එහෙම තමයි මේ කලාව දියුණු වේගන යන්න ඕනි.....හැමදාමත් එකම තැනක හිටියොත් කවදාවත් අපේ නිර්මාණයක් ජාත්‍යන්තරයට ගෙනියන්න ලැබෙන එකක් නෑ...ඒ නිසා තමයි ජැක්සන් ඇන්තනි මහත්මය කියපු "උදාර පල්ලියගුරුගේ මේ උත්සාහය පාවඩ එලලා පිළිගත යුතුයි" කියන කතාවත් එක්ක මම එකඟ වෙන්නේ.... 



අන්තිමට කියන්න තියෙන්නේ, "කෝටි ගානක් වියදම් කරාට ඇඳුම්වත් හරියට අන්දලා නෑ" වගේ ඇඳුම් දිහා බලල චිත්‍රපටියේ වියදම් ගැන කරන උපකල්පනය කිරීම් වලින් බැහැර වෙලා මේ චිත්‍රපටයෙන් අපේ චිත්‍රපට කලාවට අලුතෙන් එකතු කරපු දේවල් ගැනත් ධනාත්මකව හිතන්න කියල.... 

Friday, June 15, 2012

Posted by Sugith Kumanayake |
අතීතයට යන්න කැමති අය අත උස්සන්න බලන්න.....

ආ හරි හරි මම දන්නවා එහෙම කැමති අය තමයි මේ ලිපියත් එක්ක එකතුවෙන්නෙ කියල...ඉතින් අද මම කියන්න යන්නේ අතීතයේ අපේ ලෝකයේ ජීවත් වෙච්ච මිනිස්සු, ඔවුන්ගේ සටන් ක්‍රම,ඇඳුම් පැලඳුම්,උපාය මාර්ග,ආදර පලහිලව් සහ ඔවුන්ගේ වීරවරුන්, රණශූරයින් ගැන කියැවෙන චිත්‍රපට නිර්මාණ කීපයක් ගැන....මේ චිත්‍රපට බලද්දී අපිවත් ඒ කාලෙට ඇදිල යන්නේ අපි නොදැනුවත්වමයි....

මුලින්ම කියන්න යන මේ චිත්‍රපටියේ මම ගොඩක්ම කැමති සිදුවීම තමයි මේ තියෙන්නේ....මේක නිර්මාණය කරපු විදිය ඉස්සර ඩිස්කවරි චැනල් එකෙත් පෙන්නුවා....කොහොමද කට්ටිය ට්‍රෝයි නගරයට ඇතුල් වෙන්න හදපු සැලැස්ම..?




මේ චිත්‍රපටියේ නම තමයි "Troy"....විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරලා 2004 වර්ෂයේදී නිර්මාණය කරලා තියෙන මේ චිත්‍රපටිය තමයි මම මෙතෙක් බලපු Historical Stories වල උඩින්ම ඉන්නේ මගේ කැමැත්ත අනුව....මේ චිත්‍රපටියේ මම කැමති තවත් දර්ශනයක් තමයි ඊතල කරුවන් සිය ගානක් එකවර එල්ල කරන ප්‍රහාරය....ඉතාමත් තාත්වික විදියට ඒ දර්ශන පෙළ කැමරාවට හසු කරගන්න නිර්මාණකරුවන් සමත් වෙලා තියෙනවා...බලන්න වටින චිත්‍රපටියක්....
 

මගේ කැමැත්ත අනුව දෙවෙනි තැන තියෙන්නේ 2000 වර්ෂයේ නිර්මාණය කරලා තියෙන "Gladiator" කියන චිත්‍රපටිය...ට්‍රෝයි චිත්‍රපටියේ මම කියපු ඊතල විදින දර්ශනය මේ චිත්‍රපටියේත් මුල් කොටස් වල දැකගන්න පුළුවන්.....



ට්‍රෝයි චිත්‍රපටියේ තරම් උපාය මාර්ගික සටන් ක්‍රම දකින්න නැති උනාට අනෙක් සියලුම සටන් ක්‍රම ලෙසටම තියෙනවා....Gladiator කියන්නේ ඒ කාලේ හිටපු කඩු හරඹයේ දක්ෂ රණශූරයින් හඳුන්වපු නමක්.....ඔවුන්ගේ සටන් පවත්වපු ඒ පිටිය ඉතාම ලස්සනට ඒ කාලේ විදියටම දැකගන්න පුළුවන් මේ චිත්‍රපටිය බලද්දී....



ඊළඟට මම කියන්න යන චිත්‍රපටිය 2001 වර්ෂයේදී නිර්මාණය වෙච්ච චිත්‍රපටියක්....කව්රුත් අහල තියෙන "We Will Rock You" සහ "We are the Champions" කියන ගීත දෙක මේ චිත්‍රපටියේ තමයි තිබිල තියෙන්නේ....



චිත්‍රපටියේ නමේ විදියටම මේකේ තියෙන්නේ ඒ කාලේ නයිට් වරුන්ගේ ප්‍රසිද්ද ක්‍රීඩාවක් වෙච්ච "Joust(අශ්වයින් පිටේ නැගී සිදු කරන ඉතා අනතුරුදායක ක්‍රීඩාවක්)" කියන ක්‍රීඩාව වටා ගෙතිච්ච කතාවක්.....කුඩා කල සිට නයිට් වරයෙකු වීමට හීන මවන තරුණයෙක් මෙම ක්‍රීඩාව ඔස්සේ ජනප්‍රිය වෙමින් තමන්ගේ ඉලක්කය වෙත යන ආකාරය තමයි මේ කතාවේ අන්තර්ගතය.....ඔහුගේ ඒ ගමනේදී හමුවන පුද්ගලයින් සමග යහපත් සම්බන්දතාවක් ගොඩ නගා ගැනීම නිසා තමයි ඔහුට අවසානයේ තමන්ගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්නේ.....ආදරය, සිනහව, ත්‍රාසය එකතු වෙච්ච ලස්සනම නිර්මාණයක්.....