Wednesday, May 30, 2012

Posted by Sugith Kumanayake |

කට්ටියට මතකද මේ ෆිල්ම් එක....?



ජෙනේලියා මුලින්ම දඟ දාපු ෆිල්ම් එක මේකද දන්නේ නෑ හැබැයි මම මෙයාගේ විසේ මුලින්ම දැක්කේ මේ ෆිල්ම් එකෙන්.... 



ඊට පස්සේ මම බැලුවේ මෙන්න මේ ෆිල්ම් එක....මේ ෆිල්ම් එකේ මෙයා දඟ කරන්නේ ඉම්රාන් එක්ක....



ඊළඟට බලපු මේ ෆිල්ම් එක පරණ එකක්ද නම් දන්නේ නෑ හැබැයි මට බලන්න ලැබුනේ මේ ලඟදි...ෆිල්ම් එක තෙලඟු උනාට ජෙනේලියාගේ විසේ එකතු වෙලා ෆිල්ම් එක ලස්සන වෙලා තියෙනවා...






කතාවක් තියෙනවනේ ඔය දඟකාර කෙල්ලෝ බැන්දට පස්සේ වෙනස් වෙලා නිවිච්ච අය වෙනවා කියල.... ඒකට මෙයා, බැන්දට පස්සේ විසේ ඩබල් වෙලා....මේ තියෙන්නේ මෙයාගේ අලුත්ම ෆිල්ම් එක....පිස්සු ෆන් ෆිල්ම් එකක්....කලින් ෆිල්ම් වල වගේම සුපිරිම රංගනයක් තියෙනවා ජෙනේලියාගේ.... මේකේ මෙයාගේ නම දාන්නේ "ජෙනේලියා දේශ්මුක්" කියල එතකොට නම් පොඩි තරහකුත් දැනෙනවා රිතේෂ් කාරයා එක්ක.... මොනා කරන්නද ඒ මාළු ඒ පූසොන්ටම නේ... 







බලනවනම් මෙන්න තියෙනවා කොලිටිම කොපියක් හැබැයි සයිස් එක නම් ටිකක් වැඩියි....


Posted by Sugith Kumanayake |

ආයුබෝවන්ඩ..., ඔන්න වෙනද වගේම හිතට වැදිච්ච වෙනස් විදියේ චිත්‍රපටියක් අරන් ආව ඔයාල එක්ක බෙදා හදාගන්න....බලමු ස්ටොරිය මොකක්ද කියල....


ෆිල්ම් එකේ ස්ටෝරියේ නම් මහා ලොකු වෙනසක් නෑ....රටේ ලොක්කට එල්ල කරන බෝම්බ ප්‍රහාරයක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ....දැන් කට්ටිය බලයි එහෙනම් වෙනස් විදියේ ෆිල්ම් එකක් කිව්වේ ඇයි කියල....එහෙම උනොත් මම මුලින් කියපු මගේ වෙනස් විදියේ ෆිල්ම් ගැන කියනව කියපු ප්‍රතිපත්තියටත් පටහැනි නෙව....නෑ එහෙම අවුලක් නෑ මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක වෙනස් නොවුනට ෆිල්ම් එක ගලාගෙන යන විදිය(හරියටම කියනවනම් කන්සෙප්ට් එක) සම්පූර්නෙන්ම වෙනස්.....හැබැයි මම ඒක මෙතන කිව්වොත් මේ ෆිල්ම් එකේ නිර්මාණ කරුවා බලාපොරොත්තු වෙච්ච නරඹන්නාව මුලින් ටිකක් කොයිල් කරවීමේ අදහස ඉෂ්ට වෙන්නේ නැති වෙනවා....ඒක නිසා මම ඒ ගැන උඩින් පල්ලෙන් කියන්නම් මෙන්න මෙහෙම.....

සාමාන්‍යයෙන් බෝම්බ පිපිරීමේ සිදුවීමක් ගැන කියවෙන චිත්‍රපටියක් ගලාගෙන යන්නේ කොහොමද..?

මුලින්ම බෝම්බ පිපිරීමේ සිද්දිය ගැන පෙන්නවා ඊට පස්සේ ඒක ගැන හොයන හැටි පෙන්නවා..., එහෙම නැත්නම් බෝම්බ පිපිරීම වෙන්න ඉස්සෙල්ල සුද්දා හෙන මීටරේ වෙලා අන්තිම තත්පර දෙක තුනේදී බෝම්බේ නිෂ්ක්‍රීය කරනවා....මොන චිත්‍රපටිය උනත් ඔය විදි දෙකෙන් එක විදියකටනේ ගලාගෙන යන්නේ....මේ චිත්‍රපටියේ වෙනස තියෙන්නේ අන්න එතන තමයි....ඒ ගැන තව කියන්න ගියොත් වැඩේ අහු වෙනවා ඒක නිසා ඒ වෙනස චිත්‍රපටිය බලලම තේරුම් ගමු නේද.....

මේක බලද්දී දැනිච්ච තව දෙයක් තමයි මේකේ ඇමරිකන් කාරයන්ට වැඩිය ත්‍රස්තවාදියාව මීටරේ කරවල තියෙනවා...සාමාන්‍යයෙන් මේ වගේ ෆිල්ම් වල උපාය මාර්ගික ක්‍රම වැඩි පුර පෙන්නනේ ලෝක පොලිස් කාරයාගේ පැත්තෙන් නෙව.....ඔන්න ඔය වගේ වෙනස්කම් කීපයක් මේ ෆිල්ම් එක බලද්දී දැකබලාගන්න පුළුවන්....

හරි එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලල හොරෙන්ම මාරු වෙන්නේ නැතිව මේ පැත්තට ඇවිත් අදහසක් දාල යන්න ඕනි හොඳද...

මේ තියෙන්නේ මම හොයාගත්තු ලිනක්ස් වගයක් කමෙන්ට්ස් ඇන්ඩ් සීඩ්ස් ගැන හොයල බලල බාගන්න....


AXXO Torrent 700MB 
BRRip Torrent 2GB