Thursday, April 5, 2012

Posted by Sugith Kumanayake |

"කාලය රන් වටී" 


මේ අපිට පැන්චා කාලෙ ඉඳල ඇහෙන, අපේ මුතුන් මිත්තො කට කහනවට නොකියපු තවත් එක කියමනක්...ඒත් ඇත්තටම අපි මෙ කියන තරම් වටිනාකමක් කාලයට ලබා දෙනවද..? පොඩ්ඩක් කල්පනා කරල බලන්න අපි කොච්චර නම් නිකරුනේ කාලය අපතේ යවනවද කියල...ෆිල්ම් එකක නමක් උඩින් දාල මම මේ මොන විකාරයක් කියවනවද කියල මේක බලන්න ආපු ඔයාල හිතනව ඇති, හැබැයි ඔයාල මෙ ෆිල්ම් එක බලාගෙන යද්දි මම මේ අහල තියෙන ප්‍රශ්නෙම ඔයාලගෙ යටි හිතත් ඔයාලගෙන්ම අහන්න පටන් ගනියි කියල මට හොඳටම විශ්වාසයි....



මම හිතන්නෙ ඒ කියපු ටිකත් ඇති මේ ෆිල්ම් එක බලන්න ඕනි කියල කුතුහලයක් ඔයාලගෙ හිතේ ඇති කරන්න....ඒත් කමක් නෑ මම තව විස්තර ටිකක් කියන්නම් මෙ ෆිල්ම් එක ගැන...


මම මෙතෙක් බලල තියෙන අසමසම කතා පුවත් රැගත් ෆිල්ම් අතර උඩින්ම තියෙන ෆිල්ම් එකක් විදියට මේ ෆිල්ම් එක නම් කරන්න පුලුවන්....හැබැයි කතාව වෙනස්ම විදියෙ එකක් උනා කියල තේරුම් ගන්න ගියාම කොයිල් වෙලා යන ෆිල්ම් එකක් නම් නෙවෙයි...මම ඒක කිව්වම ඔයාලට මතක් වෙයි "Inception" කියන ෆිල්ම් එක...මම හරි නේද? මමත් ඒ ෆිල්ම් එක හිතේ තියාගෙන තමයි එහෙම කිව්වෙ, මොකද ඒ ෆිල්ම් එකේ අන්තිම ටිකට යනකොට ෆිල්ම් එක බලන කෙනාගෙ මනසෙන් වැඩිපුර ඉඩක් ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන් ගන්න හදනව වගෙ දැනෙනව...හරියට නිකන් දඩ සොෆ්ට්වෙයා එකක් run වෙද්දි PC එකේ මෙමරි වඩිපුර use වෙනව වගෙ...Unique ස්ටොරිස් තියෙන ෆිල්ම් ගොඩක් ඒවගෙ ඔය කේස් එක තියෙනව,ඒත් මෙ ෆිල්ම් එකේ එහෙම අවුලක් නෑ....කතාව හොඳින් දැනෙන වෙන විදියට ෆිල්ම් එක ලස්සනට ගලාගෙන යනව....


දැන් කට්ටිය බලනව ඇති මේ යකා අර සුපිරි තරු තෝරන කමල් අයිය වගේ කතාව ගැන කියන් නැතුව කුතුහලේ අවුස්ස අවුස්ස ඉන්නව කියල...ඒක නිසා දැන් කියන්න යන්නෙ මම මෙච්චර මේ කියන ස්ටොරි එක මොන වගෙ එකක්ද කියල...හරි එහෙනම් මෙහෙම පටන් ගන්නම්, මෙ දවස් වල අනිත් හැමදේටම වඩා මූලිකත්වය දෙන දේ මොකක්ද කියල අහුවොත් ඔයාල දෙන උත්තරේ මොකක්ද..?
කතා දෙකක් නෑ උත්තරේ වෙන්න ඔනි "සල්ලි" තමයි, කවුරු මොනව කිව්වත් සල්ලි කියන දෙ තමයි අද කාලේ මිනිස්සුන්ට වැඩියෙන්ම උවමනා දේ.....ඒත් ඇත්තටම ඇයි අපි කිසිම වටිනාකමක් නැති මේ කොල කෑලි ටිකකට මෙච්චර වටිනා කමක් දීල තියෙන්නෙ...? හොඳ ප්‍රශ්නයක් නේද...? ඒත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපි කාගෙ ලඟවත් නෑ....ලෝකෙ යන්නෙ කොයි විඩියටද ඒ විදියට අපිත් යන්න ඔනි....නැත්නම් වෙන්නෙ අපිට ලෝකෙන් යන්න...


හැබැයි නිකන් හරි මෙහෙම දෙයක් උනොත්, රජයෙන් කියනව අද ඉඳල වටිනා කම මනින මිනුම් ඒකකයක් විදියට භාවිත කරපු "සල්ලි" වෙනුවට  ඒ සඳහා "කාලය" කියන ඒකකය යොදාගන්නව කියල....කොහොමට තියෙයිද?



අන්න ඒ වගේ දෙයක් තමයි මේ ෆිල්ම් එකේ ඉන්න මිනිස්සුන්ටත් වෙලා තියෙන්නෙ....මේ අය අවුරුදු 25ක්  ජීවත් උනාට  පස්සෙ එයාලගෙ ජීවත් වීම හො නොවීම තීරනය කරන ඔර්ලොසුව වැඩ කරන්න පටන් ගන්නව...ඉතින් ඒ ඔර්ලොසුවෙ කාලය බින්දුව උනොත් ඒ මනුස්සයගෙ ජීවිතේ එතනින් ඉවරයි...ඒක නිසා එයාල කරන්න ඕනි දීල තියෙන කාලයට කොහොම හරි තව කාලය එකතු කරගන්න එක....ඒ කියන්නෙ අපි "සල්ලි" හොයනව වගෙ එයාල හොයන්නෙ "කාලය" , අපි සල්ලි දීල බඩුවක් ගන්නවනම් ඒ ගොල්ලො ඒ බඩුව ගන්නෙ තමන්ගෙ ඉතුරු වෙලා තියෙන කාලයෙන්, එහෙ තියෙන බැන්කු වල ඉතිරි කරන්නෙ සල්ලි නෙවෙයි කාලය, එහෙ ඉන්න හොරු හොරකම් කරන්නෙ සල්ලි නෙවෙයි කාලය.....ඒ විදියට තමයි එයාලව නිර්මාණය වෙලා තියෙන්නෙ....ඉතින් කාලය ඉතිරි කරගන්න, කාලය හොයාගන්න අපේ ලෝකෙ සල්ලි හොයන මිනිස්සු කරනවා වගෙම හොරකම්,මැරකම්,වංචා  හැමදෙයක්ම එහෙත් සිද්ද වෙනවා....මේ දේවල් මෙහෙම වෙන අතරේ එක නගරයක ඉන්න කාලය බොහොම අඩු වෙච්ච කොල්ලෙක්ට අහඹු සිදුවීමකින් තවත් කෙනෙක්ගේ කාලයක්(අවුරුදු 100ක්) ලැබෙනවා පරිත්‍යාගයක් විදියට...ඒත් මේ කොල්ලට තමන්ගේ අම්මව කාලය ඉකුත්වීමෙන් බේරගන්න බැරි වෙනවා...ඊට පස්සේ මේ කොල්ල කරන්නේ තමන්ගේ අම්ම එක්ක යන්න හිතන් හිටපු ග්‍රීන්විච් කියන කාලයෙන් පොහොසත් නගරයට යන එක....එහෙ ඉන්න කාලයෙන් පොහොසත්ම පුද්ගලයාගේ දුවත් සමඟ එකතුවෙලා බාධක රැසක් අස්සේ ඔහුගේ නගරයේ කාලය හිඟ වෙලා මැරෙන්න යන මිනිස්සුන්ව බේරගන්න දරන උත්සාහයක් තමයි කතාවේ ඊළඟට තියෙන්නේ....







ඔන්න ඕක තමයි ස්ටොරිය.....විශිෂ්ට නිර්මාණයක්....මේ වගේ කතා ගොතන්න හැමෝටම බෑ....මේ චිත්‍රපටිය නිර්මාණය කරපු පුද්ගලයා නම් දක්ෂ කතා මවන්නෙක්.....මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මට හිතුනා අනේ අපේ රටෙත් මේ වගේ වෙනස් කතාවක් තියෙන ෆිල්ම්ස් හැදෙනවනම් කියල....මොකද අපේ රටේ ඒ කාලේ ඉඳලම සිද්ද උනේ පිට රටවල හැදිච්ච ෆිල්ම් එකක් අපේ විදියට රී මේක් කිරීමක් නෙ...බලමු අපේ අනාගත පරම්පරාවෙන්වත් එහෙම නිර්මාණයක් බලාගන්න පුළුවන් වෙයිද කියල...

DVDRip(1.3GB) Torrent Link - http://isohunt.com/torrent_details/370132585/Time+2011+DVDRip+XviD?tab=summary

BluRayRip(700MB) Torrent Link - http://extratorrent.com/torrent/2597236/In+Time+(2011)+720p+BluRay+x264+-+700MB+-+YIFY.html









Tuesday, April 3, 2012

Posted by Sugith Kumanayake |
මාතෘකාව දැක්කම කට්ටිය කල්පනා කරනවා ඇති මේ මොන මගුලක් ද කියල...මේක තමයි මගේ පස්වෙනි film review එක විදියට ඉදිරිපත් කරන්න යන ෆිල්ම් එක...හැබැයි ෆිල්ම් එකේ නම තියෙන්නේ ඉංගිරිසියෙන් මෙන්න මේ විදියට "I Spit On Ur Grave"කියල....හැබැයි මුලින්ම කියන්න දෙයක් තියෙනවා,මේකේ තියෙන සමහර දර්ශන බලන් ඉන්න අමාරුයි(Sex & Violence උපරිමයි)...ඉතින් ඒක නිසා ඒ වගේ ඒවා බලන්න අකමැති අය මේක බලන්න යන්න එපා...එපා වෙයි

මේ ෆිල්ම් එක මුලින්ම හදල තියෙන්නේ 1978 වර්ෂයේදී...ඒ කාලේ(ඒ කියන්නේ 1970-1980 කාලය) සාමාන්‍යයෙන් මේ වගේ Rape & Violence ෆිල්ම්ස් මාකට් කරපු කාලයක් කියල තමයි වාර්තා වෙන්නේ....ගොඩක් මේ වගේ ෆිල්ම්ස් ඒ කාලයේ හැදිලා තියෙනවා,ඒ වගේම ජනප්‍රිය වෙලත් තියෙනවා....හැබැයි ඒ කාලේ කියල නෑ මුලින් හදපු එකෙත් සෙක්ස් & වයලන්ස් ලෙසටම තියෙනවා....හැබැයි මට නම් ගොඩක්ම ෆීල් උනේ අලුතින් හදපු මේ ෆිල්ම් එක.....ඒක රිලීස් කරලා තියෙන්නේ 2010 වර්ෂයේ......







කලින් කිව්වා වගේ මේ ෆිල්ම් එකේ තියෙන්නේ රේප් කේස් එකක් සම්බන්ද සිද්දියක්.....මේ කතාවට සම්බන්ද ගැහැණු ළමයා පොත් ලියන කෙනෙක්...ඉතින් මෙයාගේ අලුත්ම පොතක් ලියන්න කියල හිතාගෙන පාලු නිස්කලංක පොඩි නගරයක නවාතැනකට එනව(මෙහෙම තනිවෙන්න හිතෙන්නේ මෙයාගේ පෙම්වතා සමග තියෙන පොඩි තරහකුත් නිසා.ඒක කතාව මැදදී පෙන්නන්නේ)...කෙල්ල ඇහැට කනට පෙන නිසා මේ නගරේ ඉන්න කොල්ලෝ සෙට් එකගේ මීටරේට මේ කෙල්ලව අහුවෙනවා(මේ සෙට් එකේ ඒක කොල්ලෙක් නිකන් මෝඩ වගේ ඩයල් එකක් )....ඉතින් මේ කෙල්ල කරන කියන දේවල් ගැන විමසිල්ලෙන් තමයි අරුන් ඉන්නේ....ඉතින් මේ කොල්ලෝ ටික එකතු වෙලා කෙල්ල බය වෙන විදියේ දේවල් එහෙම කරල පොඩි පොඩි ෆන් ගන්නවා....ඒත් කෙල්ල එච්චරම බයත් නෑ....ඔහොම ඉදිද්දී අරුන්ට හිතෙනවා කෙල්ලට වැඩේ දෙන්න ඕනි කියල(පොඩි සීන් එකක් තියෙනවා මේ කෙල්ලගේ බාත් රූම් ඒක කැඩිලා අර මෝඩ වගේ කොල්ල තමයි ඇවිත් හදල දෙන්නේ ඒ වෙලාවේ මේ කෙල්ල පොඩි මෝඩ වැඩක් කරනවා එකෙන් තමයි සීන් ඒක ගොඩක් පත්තු වෙන්නේ)





ඉතින් රෑ එලි වෙන ජාමෙක කට්ටිය වැඩේට සෙට් වෙනවා....මේ කෙල්ලත් පොඩි සද්දයක් ආවත් දොරවල් ඇරගෙන ගිහින් බලන්නේ(නිර්භීත කම වැඩි වෙලා)...ඉතින් ඒකෙන් වෙන්නේ අරුන් ටික ගේ ඇතුලට රිංග ගන්නවා ඊට පස්සේ ඉතින් වැඩේ සිද්ද වෙනවා....මේ සීන් ඒක නම් බොහොම සැරයි...කට්ටිය එකතුවෙලා කෙල්ලට වධ දීල තමයි වැඩේ කරන්නේ....මේ සීන් ඒක අතර මග යද්දී කෙල්ල හෙන ගේමක් දීල පැනගෙන කැලේට දුවනවා....එතැනදී ෂෙරිෆ් එකේ ඩයල් එකක් හම්බවෙනවා කෙල්ලට...ඉතින් කෙල්ල විස්තරේ කියල පොරව එක්කරන් යනවා අරුන්ව අල්ලල දෙන්න කියල හිතාගෙන...දුක තමයි රංජනී...,පොලිස් කාරයත් අරුන්ගේ පැත්ත ගන්නවා...ඊට පස්සේ ඌත් එකතු වෙලා ආයි කෙල්ලව දුෂණය කරනවා.....මේ දර්ශන පෙළත් කලින් ඒවා වගේම තමයි....ඉතින් වැඩේ උනාට පස්සේ කෙල්ල දුවගෙන ගිහින් ගඟකට පනිනවා....අරුන් පීර පීර හොයනවා කෙල්ලව මරන්න ඒත් හොයාගන්න බැරි වෙනවා.....





ඔන්න ඊට පස්සේ තමයි වයලන්ස් පටන් ගන්නේ....හිතාගන්න පුළුවන්නේ කෙල්ල ගඟට පැන්නා කියන්නේ බේරුනා කියන(ඕක ගොඩක් ෆිල්ම් වල දැකල තියෙන නිසා නිකන්ම හිතාගන්න පුළුවන්)ඉතින් ඊට පස්සේ ෆිල්ම් එකේ යන්නේ කෙල්ල අර සෙට් එකෙන්ම පලි ගන්න විදිය...මේ කෙල්ල පලි ගන්න විදිය නම් හරිම දරුණුයි....හැබැයි ඒක සාධාරණයි...මොකද කෙල්ල ඊට කලින් විදපු දුකත් එක්ක ඒ කෙල්ලගේ මනස පිරිලා තියෙන්නේ පලි ගැනීමේ චේතනාවෙන්....ඉතින් මේ කෙල්ලට අරුන් දීපු වධ ඒ විදියටම මේ කෙල්ලත් රිටර්න් කරනවා...පලිගන්න විදිය ගැන කියන්න මේකේ එක සීන් එකක් කියන්නම් ඒක ඇහුවම ඔයාලට හිතාගන්න පුළුවන් අනිත් සීන් කොහොමට ඇත්ද කියල......




මේ ෆිල්ම් එකේ එක සීන් එකක් තියෙනවා මේ කෙල්ලව රේප් කරද්දී අර සෙට් එකේ එකෙක් ඉන්නවා උගේ වැඩේ මේවා ඔක්කොම රෙකෝඩ් කරන ඒක....ඉතින් මේ කෙල්ල මේකව කැලේදී කොහොම හරි කොටු කරගන්නවා....ඊට පස්සේ මුව ගහක බඳිනවා වාඩි කරවලා....ඇස් ඇරවල තියෙන්නේ ඇහේ බැමි දෙකට කොකු ගහල දෙපැත්තට කරලා ගහට බැඳලා.....ඊට පස්සේ මුගේ කටට ඔබනවා කුණු වෙච්ච මාලුවෙක් එතකොට මේ යකා කබරයා දානවා.....ඊට පස්සේ ඌව එහෙමම තියල යනවා...අර කුණු මාලු ගටයි වමනේ ගඳටයි කපුටෝ ඇවිත් කොටනවා...ඇඩේන සිද්දිය තමයි ඒක කපුටෙක් ඇවිල්ල ඇහැට කොටන ඒක(ඒක නියමෙටම අරන් තියෙනවා හැබැයි)...ඒ වගේම,ඔය සිද්දි ඔක්කම ඌටම පෙන්න කැම් එකේ ඩිස්ප්ලේ එක උගේ පැත්තට හරවලා තියෙන්නේ....කොහොමද තමන් මැරෙන හැටි තමන්ගේම කැම් එකෙන් පේනකොට....අෆ්ෆා...මට නම් හතරවරන් වෙලා ගිය ඒ සීන් ඒක බලද්දී....ඔන්න ඔය වගේ ගේම් තමයි අනිත් එවුන්ටත් දෙන්නේ....පිස්සු හැදෙනවා....






මෙන්න බලනවනම් ටොරෙන්ට් ලින්ක් එක.....


මේ තියෙන්නේ HD ලින්ක්ස් වගයක්.... 







Monday, April 2, 2012

Posted by Sugith Kumanayake |
මේ තියෙන්නේ බලල පොඩ්ඩක් හිනා වෙන්න පුළුවන් ව්දියේ ෆන් ෆිල්ම් එකක්....ෆන් කිව්වට ෆන් විතරක්මත් නෙවෙයි පොඩි ස්ටෝරි එකකුත් තියෙනවා මේකේ....යට ගිය දවසක යානාවේ දෝෂයක් නිසා අපේ ලෝකෙට ආපු මේ පෝල් කියන පිටසක්වල ජීවියා ව ඇමෙරිකාවේ ඒරියා 51 හි පර්යේෂණ කටයුතු වලට යොදවාගන්නවා....මේ කතාවේ හැටියට පිටසක්වල පිලිබඳ නිපදවෙච්ච ෆිල්ම් වලට අරන් තියෙන්නේ මොහුගේ අදහස්....කොහොම හරි අන්තිමේදී මෙයා ඒරියා 51 වලින් පැනල යන්න හදද්දී අරන් යන කාර් එක ඇක්සිඩන්ට් එකක් වෙලා ඒරියා 51 බලන්න ආපු තව පිස්සු ඩයල් දෙකක් සෙට් වෙනවා....මේ තුන් දෙනා එකතු වෙලා තනි පිස්සු කෙලින්නේ....ඒ මදිවට මේ සෙට් එකට කෙල්ලෙකුත් එකතු වෙනවා පස්සේ....කොහොමහරි අන්තිමේදී මේ පෝල් කියන පිටසක්වල ජීවියව ඔහුගේ ලෝකයට යවන්න මේ සෙට් එකට පුළුවන් වෙනවා....ඔන්න ඕක තමයි ෆිල්ම් එකේ ස්ටොරිය....ෆිල්ම් එක නම් ෆුල් ෆන්.






ටොරෙන්ට් බාන අයට මෙන්න ලින්ක් එක....






Posted by Sugith Kumanayake |
නුපුරුදු නමක්...., ග්‍රීක භාෂාවේ අන්තරගත  මේ  නමේ තේරුම වන්නේ අලුත් ආරම්භයක් යන්නයි....මේ අලුත් ආරම්භය කුමක්ද....? පහත විචාරයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි....



මේ චිත්‍රපටයෙන් කියැවෙන්නේ එක් ගෝත්‍රයකට අයත් ගම්මානයක් තවත් ගෝත්‍රික පිරිසක් ආක්‍රමණය කරද්දී ඔවුන්ගෙන් මිදී පලායන එම ගම්මානය විසු ගෝත්‍රික පවුලේ නයාකයාගේ පුතණුවන් විසින් පසුව තම ගෝත්‍රය විනාශ කල සතුරන් පරාජය කොට  ඔහුගේ බිරිඳ සහ දරුවන් මරණයෙන් බේරාගන්නා ආකාරය දැක්වෙන කතා පුවතක්....මේ ගෝත්‍රික තරුණයා සියුම් උපක්‍රම අනුගමනය කරමින් ඔහු පසුපස හඹා එන සියලුම සතුරන් පරාජය කරන ආකාරය චිත්‍රපටය නරඹන ඔබට දැකගන්න පුළුවන්...එම තරුණයාගේ මෙම ජයග්‍රහණය මුලින් සඳහන් කල නමින් කියැවුණු අලුත් ආරම්භය ලෙස දැක්විය හැකියි... මේ චිත්‍රපටයේ මා දකින විශේෂත්වය නම් ,සෑම සිදුවීමක්ම ඉතා තාත්වික ලෙස නිර්මාණය කර තිබීමයි...ආරම්භයේ  ගෝත්‍රික නායකයා ඝාතනය කිරීමේ සිදුවීමේ සිට අවසානයේ ගෝත්‍රික තරුණයාගේ බිරිඳ වතුරින් පිරී ගිය ගැඹුරු පාතාලයක සිට තම දරුවා බිහි කරන සිදුවීම දක්වා සෑම සිදුවීමක්ම චිත්‍රපටය නරඹන අයෙකුට දැනෙන්නේ ඇත්තම සිදුවීම් ලෙසයි....එතරම් තාත්වික ලෙස මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔවුන් සමත්වී තිබෙනවා....හැබැයි Blood & Violence නැරඹීමට අකමැති පුද්ගලයන් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වැළකී සිටිනවනම් හොඳයි...මොකද මේකේ ඒ වගේ දර්ශන කීපයක්ම අන්තර්ගතයි.....







මේ ලින්ක් එකෙන් axxo ලොක්ක දාපු Dvdrip Torrent එක බාගත කරගන්න පුළුවන්........

Link -
 http://thepiratebay.se/torrent/3886831

Sunday, April 1, 2012

Posted by Sugith Kumanayake |
මට හිතුන මම මේ ලඟදි බලපු ටිකක් පරණඅමුතු විදියේ ලව් ස්ටොරියක් ගැන ඔයාලව දැනුවත් කරන්න....ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නේ 2006 අවුරුද්දේ....මම මේ ෆිල්ම් එක බලන්න ගත්තේ මේකේ ඉන්න ප්‍රදාන නිලි චරිතය Lindsay Lohanනිසා....මොකද මෙයා ඇක්ට් කරපු "Mean Girls(Part-1)" බලල මම මෙයාට පිස්සු වැටිල හිටියේ...හැබැයි කියන්නත් දුකයි ඒ ෆිල්ම් එකේ එච්චර ලස්සනට හිටපු මේ කෙල්ල drugs වලට ඇබ්බැහි වෙලා දැන් ඉන්න තත්වේ ගැන.... ඒක නිසා මම මෙයා ඇක්ට් කරපු පරණ ෆිල්ම්ස් හොය හොයා හිටියේ....එතකොට තමයි මේක සෙට් උනේ...ෆිල්ම් එක ටිකක් පරණ උනාට ස්ටෝරි එක නම් හෙන ෆන්....හරි එහෙනම් මුලින්ම මේකේ බැනර් එකක් බලල ඉමු....


හි හී... සීන් එක ටිකක් විතර මීටර් උනා නේද...? හරි මම මේකේ ස්ටෝරි එක ගැන මේ විදියට කියන්නම්..., එතකොට ෆිල්ම් එක බලනකොට මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලටම පුළුවන් වෙයි....

කාටද මේකේ චාටර්ම(අන්ලකී) වැඩ ටික වෙන්නේ(කෙල්ලටද,කොල්ලටද)..? 

ඉතින් ඒ කෙනා දිගටම චාටර් වෙනවද...?

එතකොට කොහොමද මුන් දෙන්න සෙට් වෙන්නේ....?

අන්තිමේදී ලක් එකට මොකක්ද වෙන්නේ...?

ඔන්න මම ෆිල්ම් එක ගැන කියල ඉවරයි....දැන් ඉතින් ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ.... එහෙනම් ෆිල්ම් එක බලල උත්තර ටික හොයාගෙනම මේ පැත්තට එමු නේ...





Posted by Sugith Kumanayake |


සිංහල චිත්‍රපටියක් මේ තරම් ම හිතට වැදිච්ච පලවෙනි වතාව කිව්වත් වැරද්දක් නෑ ....ඉතින් ඒක නිසා මේ ෆිල්ම් එක ගැන මට දැනුනු විදිය මේ ලිපියෙන් දාන්න හිතුන....



මාත් මුලින්ම දැක්කේ මේක නම "ගාමිණි" වගේ...ඉතින් මුලින් ෆිල්ම් එක බලල ඉවර උනාට පස්සෙත් මම කල්පනා කරේ මෙහෙම නමක තියෙන ගැලපීම මොකක්ද කියල ෆිල්ම් එකේ තියෙන ස්ටෝරි එකත් එක්ක...ඔහොම ඉන්නකොට පත්තරේ තිබ්බ ලිපියකින් තමයි දැක්කේ මේක "ගාමනි" කියල...ගාමනි කියන වචනේ හැදිලා තියෙන්නේ "ගාම"+"නි" එකතු වෙලා...ඒ කියන්නේ ඉස්සර කාලේ අපේ රටේ ගම් වල හිටපු නියමුවන් ව හඳුන්වපු නමක් කියල තමයි ඒ ලිපියේ තිබ්බේ....ඊට පස්සේ තමයි මේ නම ෆිල්ම් එකට කොච්චර ගැලපෙනවද කියල මට තේරුම් ගියේ.....

මෑත කාලයේ ලංකාවේ හැදිච්ච් ෆිල්ම්ස් අසාර්ථක වෙන්න හේතුව විදියට මම දකින්නේ ෆිල්ම් එකේ සමබරතාවයක් නැති කම...ඒ ගැන තවදුරටත් විස්තර කරොත් මම අදහස් කරේ මෙන්න මෙහෙම දෙයක්....සමහරු ෆිල්ම් හැදුව, ඉන්දියාවේ ගිහින් හොඳම ක්‍රියාදාම සටන් තාක්ෂණ යොදාගෙන එහේම නළු නිළියොත් දාගෙන ඒ විතරක් නෙවෙයි හින්දි ගීතත් එහෙමම යොදාගෙන...ඉතින් අපිත් හිතුව ලස්සන ෆිල්ම් එකක් බලන්න ලැබෙයි කියල...අන්තිමේදී ෆිල්ම් එක බලන්න ගියාම එකේ ක්‍රියාදාම සටන් දැක්කම හිනා යනවා....හිනා යන්න කරන ජෝක්ස් දැක්කම මල පනිනවා...මොකක්ද ඒකට හේතුව...ඒක තමයි ෆිල්ම් එකේ  කිසි සමබරතාවයක් නැති කම...ජෝක්ස් වල කිසිම ලිමිට් එකක් නැති නිසා ඒවා මෝඩ ජෝක්ස් වෙලා...ක්‍රියාදාම වැඩියෙන් පෙන්නන ගිහින් ඒකත් අනාගෙන....ඒ අතින් බැලුවම ගාමණී ෆිල්ම් එකේ මම දකින සුවිශේෂත්වය තමයි හැම අංශයකින්ම සමබර වෙලා තිබීම....මම මුලින් ගියේ මගේ යාලුවෙක් එක්ක මේක බලන්න... ඒ යද්දී මම හිතුව මේකේ නමත් එක්කයි අපේ රටේ හැදිච්ච් ෆිල්ම් එක්කයි බැලුවම මේක හෙන සම්බාව්‍ය නිදිමත ෆිල්ම් එකක් වෙන්න ඇති කියල....ඒත් චිත්‍රපටිය බලාගෙන යද්දී චිත්‍රපටියේ ගලා යාමේ ලස්සන නිසාම කිසිම කම්මැලි කමකින් තොරව චිත්‍රපටය රස විදින්න පුළුවන් උනා...

මේ චිත්‍රපටිය ත්‍රාසය,දුක,සතුට,ආදරය,වෛරය,සිනහව,ක්‍රියාදාම ආදී සියලුම අංග වලින් පිරිච්ච ෆිල්ම් එකක්....මුලින්ම නරබන්නන් ව භීතියට පත් කරමින් ත්‍රස්‌තවාදයේ ම්ලේච්ඡත්වය ප්‍රදර්ශනය වෙනවා ඊට පස්සේ ටිකෙන් ටික අපේම මිනිස්සු යුද්දය පැවතී සමයේ විඳපු දුක් ගැහැට ගැන වඩාත් හොදින් ඉස්මතු කරනවා...ඊට පස්සේ ටිකෙන් ටික අපේ සිතට ඇතුල් වෙච්ච දුක තුරන් කරල සිනහව මුවගට කැන්දා ගෙන එමින් සියලුම අංශ වල සමබරතාවය රැකගැනීමට නිර්මාණ කරුවා සමත් වී තිබෙනවා ...

මම මේ චිත්‍රපටයේ දකින තවත් සුවිශේෂී දෙයක් තමයි ඉතා සුළු චරිත වලට පවා අපේ රටේ සිටින ප්‍රවීනම නළු නිලියන් යොදාගෙන තිබීම...ඒක නිසා චිත්‍රපටය වඩාත් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමට හැකි වෙලා තියෙනවා....ඒ වගේම ක්‍රියාදාම සටන් ජවනිකා පවා අපේ කලින් හැදුනු චිත්‍රපට හැම එකකටම වඩා ඉදිරියෙන් තියෙනවා කියල බය නැතුව කියන්න පුළුවන්....

මේ චිත්‍රපටය ගැන තව එක දෙයක් කිව යුතුමයි...., ලංකවේ මෑතකදී හැදුනු සමහර ෆිල්ම් කොච්චර සිත ඇදගන්නනා සුළු උනත් අන්තිමේදී අපේ කටින් කියවෙන්නේ "අපෝ මේක අහවල් හින්දි ෆිල්ම් එකේ කොපියක් නේ" කියලයි....ඒත් මේ ෆිල්ම් එකේ තියෙන්නේ අපේ රටේ අපේම මිනිස්සු ඇත්තටම ලබපු අත්දැකීමක් ගැන අපි විසින්ම නිර්මාණය කල අපේම නිර්මාණයක්...ඒක නිසා ෆිල්ම් එක බලල ගිහින් කටක් ඇරලා අනිත් අයට කියන්න පුළුවන් "කාලෙකට පස්සේ අපේ රටේ හැදිච්ච ලස්සනම චිත්‍රපටියක්" කියල......

(මම මේ ගැන දැම්මේ මේ චිත්‍රපටිය බලල මගේ හිතට එක දැනුනු විදිය ඔය ගොල්ලෝ එක්ක බෙදාගෙන ඔයාලගේ අදහසුත් දැනගැනීමේ අරමුණින් විතරයි...කිසිම කඩේ යාමක් නම් නැ කාටවත්...මේ වගේ ෆිල්ම් ගැන අපේ අයව දැනුවත් කරන්න ඕනි...මොකද මෙලෝ රහක් නැති පිස්සු ෆිල්ම් වලට ඉන්න සෙනග මේ වගේ වැදගත් ෆිල්ම් එකක් ආවම නෑ...ඒ වගේම තමයි මේ වගේ ලස්සන ෆිල්ම් බලන්න කැමති අය මේ ගැන වැඩිය දන්නේ නෑ මේක වැඩිය ප්‍රොමෝට් උනේ නැති නිසා...ඉතින් ඒ අයට මේ ගැන කියන්නත් පුළුවන් වෙයි කියල හිතෙනවා මේ ලිපියෙන්.....)